බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.
ඔහු ඊයේ (09) සිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර කොරෝනා වසංගතය අතරතුර බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති කඩකර සාදයක් පැවැත් වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ද පැවැත්විණි.
නමුත් තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ බවට පාර්ලිමේන්තු විමර්ශන කමිටුවෙන් ලිපියක් ලැබුණු බවත්, එම ලිපිය තමා පුදුමයට පත් කළ බවත් ඔහු කියා සිටියේය.