ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිදුවූ බස් රථ අනතුරකින් ප්‍රාථමික පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වයස අවුරුදු 5ත් 11ත් අතර සිසුන් 45 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම අනතුරට හේතුව අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටුපසින් ගැටීම බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තුවාල ලැබූ සිසුන් 9 දෙනෙකු හදිසි ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති අතර තත්ත්වය අසාධ්‍ය සිසුන් හත් දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි ඔවුන් අනාවරණ කළේ.