කොස්ගොඩ SOS ගම්මානයේ නිවසක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පියෙකු විසින් සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්රයා මියගොස් තිබෙනවා.
සැකකරු සිය පුතුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 60ක් පමණ වන තරුණයාගේ පියා කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.