පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දූෂණ නඩුවකට පෙනී සිටීම සඳහා ඔහු ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානයේ දැඩි අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානයේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වී ඇති අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් එක්රැස්වීම පාලනය කිරීම සඳහා අන්තර්ජාලයට පිවිසීම අවහිර කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.
පාකිස්ථාන සංචාරය සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු රටවල් රැසක් අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඒ අනුව අමෙරිකාව, එක්සත් රාජධානිය සහ කැනඩාව පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.
අත්‍යවශ්‍ය නොවන කරුණක් සඳහා පකිස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව අදාළ නිවේදනවල වැඩිදුරටත් සඳහන් වේ.