සිව්දරු මවක් ඝාතනය කර ඇයගේ රන් මාලය සහ කරාබු සොරකම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අද (21) ලිඳුල පොලිසිය පැවසුවේ, ලිඳුල පොලිස් වසමේ වොල්ට්රිම් වත්තේ සිය දියණියගේ නිවසේ රැඳී සිටියදී සිවු දරු මවක් මෙලෙස ඝාතනය කර ඇති බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්ගඩසාලම් සත්යභාමා (68) නමැති සිව්දරු මවකි.
අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව මිණිබිරිය ද අද පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, නිවසට ඇතුළු වූ කිසියම් අයෙක් ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.