දිය යට පර්යේෂණ රසායනාගාරයක දින 100ක් හුදකලාව ගත කිරීමට උත්සාහ කළ විද්‍යාඥයකු පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.
ඔහු නමින් ජෝසප් දිතුරි වන අතර, ඔහු වෛද්‍ය පර්යේෂකයෙකු සහ කිමිඳුම් ගවේෂකයෙකු බව පැවසේ.
වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ ඒකාබද්ධ කරමින් දකුණු ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ සිසුන්ට දැනුම ලබා දීම ඔහුගේ පර්යේෂණයේ අරමුණ බව පැවසේ.
ඔහු දැනට නවාතැන් ගෙන සිටින්නේ ඇමරිකාවේ කී ලාගෝ හි මුහුදු පත්ලට අඩි 30ක් පහළින් පිහිටි ජූල්ස් හෝටලයේය.
ඔහු එහි පදනම් වී ඇත්තේ ඇමරිකානු සමුද්‍ර සම්පත් සංවර්ධනය සඳහා පදනමක් විසින් අනුග්‍රහය දක්වන ලද නෙප්චූන් හන්ඩ්‍රඩ් (‘ප්‍රොජෙක්ට් නෙප්චූන් 100’) නම් ව්‍යාපෘතියක කොටසක් ලෙස ය.
ජෝසප් දිතුරි පසුගිය මාර්තු මාසයේදී මුහුදු පත්ලට ළඟා වූ අතර දින 74 ක් එහි සිට ඇත.
ඊට අමතරව ඔවුන් දින 100 සම්පූර්ණ කිරීම සඳහා ජුනි 9 වැනිදා දක්වා මුහුදු පත්ලේ හෝටල් කාමරයක නවාතැන් ගැනීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.