දැනට පවතින ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද රථ බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිෂන් සභාව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරෝධ වීරසිංහ මහතා පැවසුවේ ව්‍යාපෘතියේ පළමු අදියරේදී ත්‍රිරෝද රථ 300ක් විදුලි ත්‍රිරෝද රථ බවට පත් කිරීමට නියමිත බවයි.
“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට.
ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා UNDP ආයතනය විසින්.
එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ ත්‍රීවිල් 300ට අදාළව. ඒ අනුව අද සිට මේ නියමු ව්‍යාපෘතිය පටන්ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් දක්වා ත්‍රීවිල් මේ විදියට වෙනස් කරන්න.
UNDP බලාපොරොත්තු වෙනවා ලෝක බැංකුවෙන් ආධාරයක් අරන් ඇවිල්ලා බැංකු හරහා ලෝන් එකක් විදියට ත්‍රීවිල් හිමියන්ට ලබාදීලා මේ ක්‍රියාවලිය සිදුකරන්න.”
මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිරෝද රථහිමියන්ට හිමිවන ප්රතිලාභ සම්බන්ධයෙන් ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙලෙස පැහැදිලි කළා.
“දැනට ත්‍රීවිල් ගහණය ඇතුළේ තියෙන වැඩියෙන්ම පරිසරයට හානිකර දුම් පිටකරන ටූස්ට්‍රෝක් ත්‍රීවිල් තමා අපි දැනට තහනම් කරලා තියෙන්නේ. ෆෝස්ට්‍රෝක් විතරයි ලංකාවේ ලියාපදිංචි කරන්න පුළුවන්.
නමුත් ටූස්ට්‍රෝක් ත්‍රීවිල් ගොඩක් ලංකාවේ තාම තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණේ, මේවා මුල් අදියර යටතේ වෙනස් කරන්න.
මේක පරිසරයට කිසිදු හානියක් නොවන ක්‍රමවේදයක් තමා ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් කියන එක. ඒ වගේම ත්‍රීවිල් එකටත් ලොකු ලාභයක් වෙනවා. අඩු පිරිවැයක් තමා දරන්නේ.”
මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කළ හැකි නම් එය බලශක්ති ප්‍රශ්නයට සහ පරිසර දූෂණයට ස්ථිර හා ඵලදායී විසඳුමක් නොවනු ඇත.
ත්‍රිරෝද රථ භාවිත කරන මගීන්ට ද එය විශේෂ සහනයකි.
මක්නිසාද යත් විදුලි ත්‍රිරෝද රථයක කිලෝමීටරයකට වැය වන මුදල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථයකට වඩා අඩු බැවිනි.