උස්බෙකිස්තානයේ පැවැත් වු ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 51.40කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම මීටර් 800 බාලිකා ඉසව්වේ අවසන් මහා තරගයට ඉදිරිපත් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
මිනිත්තු 2 යි තත්පර 17.4 ක දක්ෂතාවයක් වාර්තා කළේය. බාලක උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ, මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමින්.