පාදුක්ක වටරැක ගම්මාන පාර ප්රදේශයේ සිදුවූ අමානුෂික ඝාතනයක් සිදු කර පලාගොස් සිටි එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්රදේශවාසීන්ගේ සහයෝගය ඇතිවයි.
වටරැක ගම්මාන පාර ප්රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරුවෙකු සමග ජීවත් වූ කාන්තාවක් මෙලෙස ඝාතනය කර තිබුණා.
ඔවුන් එම කාන්තාවගේ ගෙල කපා ඝතනය කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිඳ බවත් අනෙක් සැකකරු එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් මීගොඩ පොලීසිය සඳහන් කළා.
අද (09) උදෑසන පෙදරේරුවා නිවසින් පිටව ගිය පසු ඝාතනය සිදුකළ සැකකරු නිවසට පැමිණ මියගිය කාන්තාව සමඟ කතාකර නිවසින් පිටතට ගෙනැවිත් තියුණු ආයුධයකින් පහරදී ඇති බව දැනගන්නට ඇත. .
ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල, කටුවන අළුපොත්දෙනිය ප්රදේශයේ 52 හැවිරිදි වැන්දඹු කාන්තාවක්.