ලොව ප්‍රථම වතාවට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුගේ සාර්ථක සැත්කමක් පිළිබඳව අමෙරිකාවෙන් වාර්තා වේ.
වෛද්‍යවරුන් පැවසුවේ සැත්කම සිදු කරන විට අදාළ කාන්තාව සති 34ක ගැබිනියක් වූ බවයි.
මොළයේ සිට හදවතට රුධිරය රැගෙන යන රුධිර නාලයේ අවහිරයක් හේතුවෙන් අදාළ බිළිඳා ශල්‍යකර්මයකට භාජනය කර ඇත.
මෙම තත්ත්වය හඳුන්වන්නේ “Venus of Galen malformation” යනුවෙනි.
එවැනි දරුවන්ගේ මොළයේ තුවාල හා හෘදයාබාධවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සැත්කම සිදු කරන විශේෂඥ කණ්ඩායම පවසයි.
මෙම රෝගය ඇති සියලුම දරුවන්ගෙන් 50%, 60% ක් උග්‍ර රෝගාබාධවලට ගොදුරු වන බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර, මරණ අනුපාතය සියයට 40 ක් වන අතර, දිවි ගලවා ගන්නා දරුවන්ගෙන් අඩකට දරුණු ස්නායු හා සංජානන ගැටළු තිබේ.