තම ඩිපෝවට අයත් බස් රථවල ගමන් ගන්නා පාසල් සිසුන් වාර ප්‍රවේශපත්‍ර රැගෙන ගමන් කරන්නේ නම් රැවුල වැවීම සහ හිසකෙස් ඩයි කිරීම නොකළ යුතු බව දඹුල්ල ඩිපෝව ප්‍රකාශ කරයි.
එහි කළමනාකරුගේ අත්සනින් නිකුත් කළ බව කියන ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින අතර බස් රථවල ගමන් ගත් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.