රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් ලෙස සංචාරක ආකර්ෂණය කර ගැනීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියෙන් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් සිදු කරමින් පවතින බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඒ සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මීට අමතරව ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා රාත්‍රී කාලයේ සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා පැවසීය.