කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වයඹ, උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අවධානයෙන් පසුවන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව එම ප්‍රදේශවල මිනිස් සිරුරුවලට දැනෙන උණුසුම අවධානය කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද නිවේදනය කර තිබේ.
මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන් පීඩාවට පත්වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා.
කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ,
“ගැබිනි මව්වරුන් එළියට යෑමෙන් වළකින්න. ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතුයි. පුළුවන් තරම් නිවෙස්වලම රැඳීසිටින්න. සාමන්‍යයෙන් වතුර ලීටර් 2ක් ගන්නවා නම් වතුර ලීටර් 3ක් 4ක් විතර ගන්න. මොකද මේ අධික රස්නය නිසා ඔබ විජලනයට පත්වෙන්න පුළුවන්.”