ව්‍යාජ රු. 5000 නෝට්ටු 12 ක් සමඟ අඹුසැමි යුවළක් කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර, ගල්පාත ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගිය යුවළ රුපියල් 5000 නෝට්ටුවක් දී භාණ්ඩ මිලදී ගෙන ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව සැක සිතූ වෙළඳසැලේ හිමිකරු පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් පසු මෙලෙස යුවල අත්අඩංගුවට ගත් බවත් සඳහන්.
පසුව ඔවුන් නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 11ක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.