කඩවත ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කඩවත සූරියපාළුව ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තුවාලකරුගේ සොහොයුරා, සහෝදරයාගේ පුත්රයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊයේ රාත්රියේ තුවාලකරු සිය නිවස අසල මාර්ගයේ සිටගෙන සිටියදී සැකකරු පැමිණ වෙඩි තබා ඇති බව සඳහන්.
පසුව තුවාලකරුගේ බිරිඳට වෙඩි තැබූ පුද්ගලයාද එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
විත්තිකරු සමඟ වෙඩි හුවමාරුව සඳහා රයිෆල් වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇත.
සැකකරුවන් එම ස්ථානයට පැමිණි ත්රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, ගනේමුල්ල සහ යක්කල ප්රදේශවල පදිංචි අවුරුදු 56, 20 සහ 25 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් අද මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.