ඇමසන් වනාන්තරයේ අතුරුදන් වූ ළමුන් 04 දෙනෙකු දින 16කට පසු නිරුපද්‍රිතව බේරා ගත් බව කොලොම්බියාව ප්‍රකාශ කළා.
යානය දකුණු කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ඒ මැයි පළමුවැනිදා උදෑසනය. අනතුරින් දරුවාගේ මව සහ අනෙකුත් සියලුම වැඩිහිටියන් මිය ගියා. එහිදී අතුරුදන් වූයේ අවුරුදු 13ක, අවුරුදු 9ක, අවුරුදු 04ක සහ මාස 11ක දරුවෙකුයි.
ගුවන් අනතුරෙන් පසු හමුදා නිලධාරීන් 100කට වැඩි පිරිසක් සෝදිසි කිරීම් ආරම්භ කළ නමුත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. නමුත් කොලොම්බියානු බලධාරීන් අද නිවේදනය කළේ ඇමසන් හි හුයිටෝටෝ ගෝත්‍රික කණ්ඩායම විසින් ළමයින් බේරා ගත් බවයි.
දරුවන් එම පලතුරු අනුභව කර වැඩි කල් ජීවත් වන බවද වාර්තා වේ. Huetoto ආදිවාසීන් ඇමසන් වනාන්තරයේ පලතුරු සහ වන ජීවීන් පිළිබඳව මනා අවබෝධයක් ඇති පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.