කුරුණෑගල නගරයට එන තරුණ පෙම්වතුන් විවිධ පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩත්වයට හා අපචාරවලට ලක් වූ අවස්ථා පසුගිය වසර කිහිපය තුළ අපට අසන්නට ලැබුණි.
හදිසියේ හඳුනාගත් පෙම්වතාගේ නමවත් ඇතැම් තරුණියන් නොදැන සිටි බවද වාර්තා වේ. මීට අමතරව තවත් තරුණියන් ද විවාහක පිරිමින්ගේ අතවරවලට ලක්ව ඇති අතර ඔවුන් එම තත්ත්වයන්ගෙන් මුදා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කට්සේරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන දියත් කර ඇති අතර, ඒ යටතේ තරුණ පෙම්වතුන් දැනුවත් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.