අලුතින් හඳුන්වා දුන් Threads යෙදුම භාවිතා කරන්නන් මිලියනය ඉක්මවා ගිය පළමු පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාව බිඳ දැමීමට ඇමරිකානු YouTuber “MrBeast” සමත් විය.
ඒ අනුව ඔහුගේ Threads ගිණුමට මිලියන 3ක පමණ පිරිසක් සම්බන්ධ වී ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට මිලියන 30කට අධික පිරිසක් Threads යෙදුම සඳහා ලියාපදිංචි වී ඇත.
නමුත් Twitter හිමිකරු Elon Musk පවසන්නේ Threads යෙදුම Twitter හි “බුද්ධිමය දේපල අයිතිවාසිකම්” උල්ලංඝනය කරන බවයි.