ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස පසුගියදා පැවති මැතිවරණයෙන් තේරී පත් වී තිබේ.
ඔහු සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකුද වේ.
ඔහු මෙලෙස අති විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත්තේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් 70.4% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. එරට ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ වසර 10කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ධර්මන් ෂන්මුගරත්නම් ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසමද පසුගිය 01 වෙනිදා ඔහු සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහුගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකි.
ධර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් කලක් එරට මුදල් සහ අධ්‍යාපන ඇමති ලෙසත් කටයුතු කර තිබේ.