හයිටියේ රිච්ටර් මාපකයේ 4.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර, ඇතැම් මාධ්‍ය විසින් භූමිකම්පාවෙන් මරණ 3ක් වාර්තා කර ඇත.
හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13,000ක් පමණ නිවාස අහිමිව සිටිති.
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.