වසර අර්ධ ශතකයකට පසු ටෙනිස් පිටියේ ලෝක වාර්තාවක් අලුත් කරමින් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වී තිබේ.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන ජොකොවිච් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව යි.
මීට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24ක් ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ක්‍රීඩිකා මාග්‍රට් කෝට් විසිනි. ඒ මීට වසර 50කට පෙරය.
ජොකොවිච් තරඟ වැදුනේ රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩොව් සමඟ වන අතර එම අවසන් තරගය 6-3, 7-6 (7/5), 6-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට නොවැක් ජොකොවිච් සමත් විය.