නයිජීරියාවේ නයිජර් ගඟේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 106 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පුද්ගලයින් 150කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් 144 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය බලා මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටි මගීන් සහ පුද්ගලයින් 300ක් පමණ රැගත් යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ක්වාරා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ යාත්‍රාවේ කොටසක් කඩා වැටීමෙන් පසුව බෝට්ටුව පෙරළුණු බවයි.