ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්ත්පර 6කින් හඳුන්වා දී වාර්තාවක් පිහිටුවිමට හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දැරියක් සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ඉන්ටනැෂනල් බුක් ඔෆ් රෙකෝර්ඩ් නැමැති ජාත්‍යන්තර වාර්තා පොතට එක්විම සඳහා ඇය මෙම තරඟයට අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත්ව ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 06 වන දිනයි.
සෙන්තුල් කුමාර් භවිෂිනා එම තුන් හැවිරිදි දැරිය පරිගණකය මඟින් ලෝක රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප නරඹා එම නම් ඉදිරිපත් කර අදාළ වාර්තාව පිහිටුවා ඇති බවයි දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් පැවසුවේ. එම වාර්තාවට හිමි සහතිකව සහ පදක්කම තම දැරිය වෙත මේවනවිට එවා ඇති බවද දැරියගේ පියා වැඩිදුරටත් සඳහන් කළා.