කොළඹ වරාය අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා හානී ඇගයීම් වාර්තාවක් පවා ලබා නොගෙන කොළඹ වරාය තුළ පිහිටි ලංදේසි යුගයේ සිරකඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති දිගන් අඩි 217ක් හා පළලින් අඩි 93කින් යුතු එමෙන්ම බිත්තියක පළල අඩි 7.5 ක් පමණ වූ අවුරුදු 350කට වඩා පැරණි පෞරානික ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අනාවරණය කරයි.
මෙම වටිනා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සඳහා පසුගිය අගෝස්තු 15 වන දින පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අනුමැතිය ලබාදී ඇතැයිද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය තව දුරටත් අනාවරණය කරයි.
එම වෘත්තීය සමිතිය මේ බව අනාවරණය කරමින් බුද්ධ සාසන, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක වෙත ලිපියක්ද යොමු කර ඇති අතර එම වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ තම අත්සනින් නිකුත් කර ඇති සම්පූර්ණයෙන් පහතින් පල වේ.