ඇමරිකාවේ වෙසෙන ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳගේ සහ ඔහුගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙන් අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12ක් වගා කිරීමේ පුවතක් වාර්තා වනවා.
ඔහු පවසා තිබෙන්නේ ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බිරිඳට තෑගි කිරීමට දෙයක් ඔහුට කල්පනා නොවුන නිසා තම බිරිඳ වඩාත් සූරියකාන්ත මල් වලට ආසා නිසාත් සිය පුතාගේ ද උදව් ඇතිව මෙසේ මල් වගා කිරීමට සිතූ බවයි.
එළඹෙන අගෝස්තු දහවැනි දාට යෙදී තිබෙන විවාහ සංවත්සරය හේතුවෙන් පසුගිය මැයි මාසයේ සූරියකාන්ත මල් වගා කිරීමට ආරම්භ කර ඇති අතර මේ වෙන විට අක්කර අසූවක් පුරා සූරියකාන්ත මල් 15000ක් පමණ වැඩී තිබෙන බව ඒ මහතා පෙන්වා දී තිබෙනවා.