උප පොලිස් පරීක්ෂකවරයකු වන ස්ථානාධිපතිවරයකු පසුගිය සතියේ දිනක සම්භාහන මධ්‍යස්ථානයට ගොස් පොලිස් නිල හැඳුනුම්පත ද පෙන්වා තමාව සම්භාහනය කරවාගැනීම සඳහා එහි සිටි රූමත් තරුණියක ගෙන ගොස් ඇත. මේ පිළිබඳව සම්භාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට දැනුම් දී තිබේ වහාම ක්‍රියාත්මක වූ ඇය පැමිණ සැමියාට සහ ඔහු සම්භාහනය කරමින් සිටි කාන්තාවට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිය්යේ. මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ද මීට පෙර සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් පෙර විවාහයේ දරු දෙදෙනකු ද සිටින ඇය මෙකී උප පොලිස් පරීක්ෂකවරයාට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමහල් තැනැත්තියක බවද පැවසේ. මෙම කාන්තාව උප පොලිස් පරීක්ෂකවරයා සමග විවාහ වීමට පෙර බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ හිතවතියක බවත් මීට මාස තුනකට පෙර සිය සැමියාට ලැබුණු ස්ථාන මාරුව මෙම උසස් පොලිස් නිලධාරියා ලවා අවලංගු කරවාගෙන ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බවයි වාර්තා වනනේ.