ඉන්දියාවේ නව්‍ය කෘත්‍රිම බුද්ධි භාවිතය ජාත්‍යන්තරයට විදහා පාමින් G20 සමුළුව අතරතුර ‘Jugalbandi’ නමින් නව කෘත්‍රිම බුද්ධි සංවාදාත්මක භාෂා පරිවර්තන මෙවලමක් පළමුවරට භාවිතයට ගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ භාවිත කෙරෙන විවිධ භාෂා 50කට අධික ප්‍රමාණයක් එසැණින් පරිවර්තනය කිරිමේ හැකියාව සහිත මේ නව කෘත්‍රිම බුද්ධි සංවාදාත්මක භාෂා පරිවර්තන මෙවලම මගින් උසස් තත්වයෙන් යුතු භාෂා පරිවර්තනයක් සිදු කර ඇතැයි ද වාර්තා වේ. ‘
Jugalbandi’ මෙවලම හරහා WhatsApp සහ Telegram chatbots ඔස්සේ ඕනෑම අයකුට ඉන්දියාවේ භාවිත කරන භාෂා 10කින් රජයේ යෝජනා ක්‍රම 121ක් පිළිබඳ විමසීමට හෝ ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසා තිබූ බව ද වාර්තා වේ.
මෙමගින් ඉන්දීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ගෙන ඒමට හැකි යෙදුම් ද බල ගැන්විය හැකි බවත්, පවතින තාක්ෂණය භාවිත කරමින් විවිධ ඉන්දියානු භාෂා අතර ඇති බාධක බිඳ දැමීම අරමුණු කරමින් ‘Jugalbandi’ නව කෘත්‍රිම බුද්ධි සංවාදාත්මක භාෂා පරිවර්තන මෙවලම හඳුන්වා දී ඇති බවත් වාර්තා වේ.