චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම යානය ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට ගොඩ බැස තිබේ.
හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන් 3 යානය ගොඩ බැස්සේ සඳ මත මෙතෙක් ගවේෂණයට ලක් නොවූ දකුණු ධ්රැව ප්‍රදේශයට ළඟාවීමටය.
ඉන්දියාව 2019 වසරේ චන්ද්‍රයාන් 2 යානය ගොඩබැස්සවීමට දැරූ ප්රයත්නය අසාර්ථක වූයේ එය සඳ මතට කඩා වැටීම හේතුවෙනි.
කෙසේ වෙතත් චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීම ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.
එමෙන්ම සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.