ලිඳුල ප්රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න නිවාස කිහිපයකට පැතිර ගොස් ඇති බවය.
මේ වනවිට ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
තොරතුරු වාර්තා වන්නේ එම ස්ථානයේ නිවාස 24ක් පමණ ඇති බවටය.