පවතින ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇතැ රත්රන් බඩුවල වටිනාකම රුපියල් කෝටි 68,729කට වැඩි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
මේ අතර බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ගවලින් පැවසෙන්නේ මේ දිනවල පවතින නියඟය හේතුවෙන් අධික නියගය පවතින දිස්ත්‍රික්ක 15ක ජනතාවට පැනගින ආර්ථික ගැටළු මත රුපියල් කෝටි 10,000කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇති බවය.
ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද පැවසේ.
අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.
සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.
මූලාශ්‍ර ලංකාදීප