ඔන්ලයින් රැකියා අවස්ථා තුළින් අපේ රටේ බොහෝ තරුණයින් මුදල් උපයා ගන්නා බව රහසක් නොවේ.
නමුත් ඇතැම් අවස්ථාවල ව්‍යාජ රැකියා අවස්ථා මවා පාමින් මෙරට තරුණයින්ගේ මුදල් ගසා කනු ලබන අවස්ථාද නැතුවාම නොවෙයි.
එවන් අත්දැකීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන Hamza Haniffa සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කොට තිබුනා.
එම සටහන පහතින්.
මේ කාලේ කට්ටිය බලන්නේ Online එකේ මොකක් හරි වැඩක් කරලා කීයක් හරි හොයන්න. විශේෂයෙන් ගැහැණු ළමයි. මේ Online job වල වැඩිපුරම තියෙන්නේ ඛේදනීය කතා. ඊයේ එහෙම එකකට මුහුණ දුන්න කොල්ලෙක් ආවා අපේ ගෙදර එයාගේ තාත්තා එක්ක. පොර අපෙ ගමේ එකෙක්. AL ඉවර වෙලා දැන් IT course එකක් කරනවලු.
මිනිහට Online Job එකක් සෙට් වෙලා. ඒ තමයි translating job එකක්. ඉංග්‍රීසියෙන් තියන පිටු 100 ක ආටිකල් එකක් Tamil වලට translate කරන එකයි වැඩේ. Job fee එක 2,000 USD. ඉතින් පොරත් ඉගෙනගන්න අතරේ මේකට ලොකු ටයිම් එකක් අරන් කොහොම හරි දවස් ගානක් වැඩේ කරලා ගොඩ දාලා උන්ට ඒක දීලා. දුන්නහම උන් ඒක double check කරලා, මුට payment එක කරලා. හැබැයි Payment එක කරලා UniversalPay කියලා එකකින්. එතන balance එකත් පෙන්නනවා 2,000 USD.
පොර ඉතින් මේක පොරගේ bank account එකට transfer කරලා withdraw කරන්න තමයි plan කරලා තියෙන්නේ. හැබැයි bank account එකට transfer කරන්න යද්දී COT code කියලා එකක් ඉල්ලලා. මු දන්නේ නැහැ ඒක ගන්න විදිහ. එතන notification එකක් එනවා, COT code එක්ක නැත්තන් අපේ customer service එක contact කරන්න කියලා. මු ඉතින් contact කරහම එයාලා කියලා, first time withdrawal එකක් නිසා 250 USD ගෙවලා ඔයාට මේ code එක ගන්න වෙයි කියලා. මු ඉතින් මේක මොකක්ද දැනගන්නයි අපේ ගෙදර ඇවිත් තියෙන්නේ.
කොල්ලගේ තාත්තා මට කියනවා කොහොම හරි බලලා මෙයාට මේ payment එක අරන් දෙන්න කියලා. පස්සේ ඔය මගේ online jobs කරන යාලුවෙක් එක්ක මේ ගැන හොයලා බැලුවා. අම්මටසිරි යකෝ අර web site එක හදලා තියෙන්නේ ජුනි 2 වෙනිදා. සයිට් එක පට්ට ෆේක්. උන් මුගෙන් වැඩකුත් කරගෙන, ඒ මදිවට තව 250 USD ගලවගන්න ට්‍රයි කරලා තියෙන්නේ.
මට දැන් මේක උන්ට කියන්නත් මොකක්දෝ වගේ. මටම upset. කොහොම හරි උදේ මන් උගේ අයියා කෙනෙක් ලව්වා මේ සීන් එක උන්ට කිව්වා. මොකද නැත්තන් උන් අනිවා කොහෙන් හරි සල්ලි හොයාගෙන 250 USD ගෙවනවා අර COT code එක ගන්න.
ඔයාලා කවුරු online job එක්ක කරන්න ගියත් අනිවාර්යයෙන්ම මුලින් ඒ කරන job site එක trustworthy ද හොයලා බලන්න. හොයලා බලන්න තේරෙන්නේ නැත්තන් දන්නා කෙනෙක්ට කියලා හරි බලන්න. ඒ එක්කම කොහොමද payments කරන්නේ බලන්න. ඒ payment methods reliable එව්වද බලන්න. එහෙම එකකින් money withdraw කරන්න පුලුවන්ද බලන්න. ඒ එක්කම තමන්ට දෙන job එකට අදාලා ගෙවීම සාදාරණද බලන්න. පිටු 100 ට ඩොලර් 2,000 ක් දෙයිද? එතනම ප්‍රශ්නයක්.
සරලවම මගේ පේජ් එක hack කරන්න scam messages එනවා. එක advertisement එකකට 700 USD දෙන්නම් කියලා. සතියට අඩුම 3,4 ක් එනවා. මන් දැනගන්න ඕන මගේ පේජ් එක ඇත්තටම ඒ තරම් වටිනවද කියලා. ඒ වගේම අපි හැමෝම දැනගන්න ඕන අපේ skill එක ඊච්චර මිල කරන්න පුලුවන්ද කියලා. (skills තියන අය අවුලක් නැහැ.) අධික මුදලක් ලබාදෙනවා කියපු ගමන් එක රැයෙන් කෝටිපතියෝ වෙන්න හදන්න එපා. සල්ලි කාරයෙක් වෙන්න ලොවෙත් ලොකු කැපකිරීමක් කරන්න ඕන. සුරංගනා කතා වලට අහුවෙලා මුදල් කාලය නාස්ති කරගෙන අසරණ වෙන්න එපා. ජය.!