වගා ආරක්ෂාව සඳහා ගොවීන්ට පතොරම් තුවක්කු නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ඒ, ජාතික කෘෂිකර්ම කොමිෂන් සභාව සමඟ ඊයේ (15) පැවති සාකච්ඡාවකදීයි.
එමෙන්ම වගා ආරක්ෂාව සඳහා ගොවීන්ට පතොරම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.