මාස 06 ත් අවුරුදු 03 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම අත්‍යවශ්‍ය බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසනවා. එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රීපෝෂ ලබාදීම අත්අහිටුවීමට ගත් තීරණ කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඇය සඳහන් කළේ.
මාස 06 ත් අවුරුදු 03 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම අත්‍යවශ්‍ය නොවන බව පවසන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවද ඇය සඳහන් කළා.