කුඩා දැරියන් සහ කාන්තාවන් පිළිබඳව ලිංගික හැඟීම් අවුස්සන අයුරින් ඡායාරූප භාවිත කරන පුද්ගලයින් සහ ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් සහ ෆේස්බුක් පිටුවල පෝස්ට් පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
බාලවයස්කාර දරුවන්ට සහ කාන්තාවන්ට අපහාස වන අයුරින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටු විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවයි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මෙම ෆේස්බුක් පිටු ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් පරීක්ෂක බී.අයි.වී. ගයාශ්‍රී ප්‍රකාශ කළා.
කුඩා දැරියන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් මුහුණුපොතේ පෝස්ටු පළ කරනු ලැබූ පුද්ගලයකු පිළිබඳව ‘ප්‍රධාන පුවත්පතක්’ සිදු කළ පැමිණිල්ලකින් පසු පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශනය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.