ඇමරිකානු නළු ඩැනී මාස්ටර්සන් දූෂණ චෝදනා තුනෙන් දෙකකට ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් විසින් වරදකරු කර ඇත.
ඒ අනුව That 70’s Show රූපවාහිනී කතා මාලාවේ රංගනයෙන් දායක වූ Danny Masterson හට වසර 30ක සිර දඬුවමක් නියම වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
2001 සිට 2003 දක්වා කාලය තුළ ඔහුගේ හොලිවුඩ් නිවසේදී තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට Church of Scientologyහි කාන්තාවන් තිදෙනෙක් ඔහුට චෝදනා කළහ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩැනී මාස්ටර්සන් කාන්තාවන්ට අතවර කිරීමට පෙර ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් බවට සාක්ෂි ජූරි සභාවට ලැබුණු බවයි.