බෙලරූස් හි Grodno විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
තිෂාන් කුලරත්න නමැති මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබයි.
තම දෙමව්පියන් සමඟ ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම සිසුවා,දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් සමඟ සැකයට භාජනය වී මේ බව ඔහුගේ මිතුරන් මාර්ගයෙන් දැනගත්තා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ගොස් නේවාසිකාගාරයේ ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමේදී ඔහුගේ මළ සිරුර හමුවී ඇති බවයි.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.