මැදිරිගිරිය ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගොස් ඇත්තේ මිරිස්හේන ධීවර ගම්මානයේ පදිංචි 36 හැවිරිදි පදිංචිකාරිනියක් බව වාර්තාවේ.
අදාළ කාන්තාව සිය මවගේ නිවසේ සිට නිවස බලා යමින් සිටියදී වැසිකිළිය අසල සැඟවී සිටි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
අදාළ කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.