අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු පැවසුවේ අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති බවය.
විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.