ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජය කඩිනමින් තීරණයක් ගන්නා බවයි.
ඔහු ඒ බව පැවසුවේ පසුගියදා එම කමිටුව රැස්වූ අවස්ථාවේදීය.
වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙවර අයවැයෙන් රේගුවට අපේක්ෂිත ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් රේගු නිලධාරීන් ප්රකාශ කළා.
එමෙන්ම මෙම මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබාදුනහොත් ඉදිරි මාස 06 තුළ රුපියල් බිලියන 150ක බදු මුදලක් අයකරගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ණය ආධාර යෝජනා ක්රමය යටතේ වාහන ආනයනය කරන්නේ නම් විදේශ විනිමය ඉතිරි කර ගැනීමත් සමඟ රේගු ආදායම ඉහළ නැංවිය හැකි බවද ඔහු පැවසීය.