පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ඉල්ලීම මත රේගු ප්‍රධානියා විසින් , අත්අඩංගුවට ගත් රන් ආභරණ නිදහස් කළ බව කියවෙන පුවතක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල සංසරණය වූවා.
එහෙත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා රේගු ප්‍රධානියාට එවැනි බලපෑමක් සිදු නොකල බවයි.
රුපියල් ලක්ෂ 150කට වැඩි වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපල පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
රේගු විමර්ශනයේදී අදාළ කාන්තාව නීතිවිරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට අනාවරණය වී ඇති අතර, රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කරන ලෙස නියෝග කළා.
කෙසේ වෙතත් පසුව එම කාන්තාව මේ බව අබේවර්ධන මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති අතර, මන්ත්‍රීවරයා එම සිදුවීම මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කළ බවද වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව එම රන් ආභරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේවර්ධන මහතා නියෝජ්‍ය රේගු කොමසාරිස්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එම නඩුව රේගු අභියාචනා කමිටුව වෙත යොමු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
රේගු අභියාචනා කමිටුවේ නිර්දේශ මත නියමිත බදු ගෙවීමට යටත්ව එම රන් ආභරණ එහි හිමිකරුට ආපසු ලබා දෙන ලෙස රේගු ප්‍රධානියා නියෝග කර තිබුණා.
රේගු පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ නිකුත් කර ඇති නියෝගය සාධාරණ නොවන බවත්, අත්අඩංගුවට ගත් හෝ රාජසන්තක කරන ලද භාණ්ඩ නැවත අයකර ගැනීමට නිසි ක්‍රියාවලියක් පවතින බවත් ය.
එමෙන්ම යම් අසාධාරණයක් සිදුව ඇති බව හැඟේ නම් ඕනෑම අයෙකුට රේගු අධ්යක්ෂවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.