ලොව පුරා සිටින පක්ෂීන්ගේ කුරුළු උණ හරහා වෛරසය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත්, මිනිසුන්ට ඇති අවදානම අවම බව පැවසේ. මීට අමතරව ක්ෂීරපායීන් තුළ කුරුළු උණ පැතිරීම වැඩි වෙමින් පවතින බව වෛරස් පර්යේෂණවල නිරත විශේෂඥයින් පවසා ඇත.
පසුගිය සතියේ චිලී රාජ්‍යය ප්‍රකාශ කළේ කුරුළු උණ හේතුවෙන් මේ වසරේ ආරම්භයේ සිට එහි උතුරු වෙරළ තීරයේ මුහුදු සිංහයන්, පෙන්ගුවින්, පෝපොයිස් සහ ඩොල්ෆින් 9,000කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පර්යේෂකයන් පවසන්නේ බොහෝ ක්ෂීරපායීන් වෛරසය ආසාදනය වී ඇත්තේ ආසාදිත කුරුල්ලෙකු ආහාරයට ගැනීමෙන් බවට විශ්වාස කරන බවයි.