ලොව කාර්යක්ෂම හයිඩ්රජන් මෝටර් රථය නිර්මාණය කිරීමට නෙදර්ලන්තයේ Eco-Runner Team Delft හි සිසුන් පිරිසක් සමත්ව තිබෙනවා.
ඔවුන් පසුගිය වසරේ හයිඩ්රජන් මෝටර් රථය වැඩිදියුණු කිරීමට කටයුතු කරන විට, ඩෙල්ෆ්ට් සිසුන් අවධානය යොමු කළේ Eco-Runner XIII වඩාත් ශක්තිමත් සහ වායුගතික බවට පත් කිරීමටයි.
ඒ, අනුව ඔවුන් පතුල ඉහළ නැංවීමෙන් ඇදගෙන යාම අඩු කර එයට වඩාත් වායුගතික හැඩයක් ලබා දී ඇති තිබෙනවා.
ටයර්වල ඝර්ෂණය 300 ගුණයකින් අඩු වන අතර සුක්කානම සඳහා සැලකිය යුතු තරම් අඩු ශක්තියක් වැය වන බව ද ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර, හයිඩ්රජන් කිලෝග්රෑම් එකකට වඩා අඩු ප්රමාණයක් භාවිතා කරමින් කිලෝමීටර් 2,056ක් ගමන් කළ හැකි බව ඔවුහු පවසති.
ඉන්ධන පිරවීමකින් තොරව හයිඩ්රජන් බලයෙන් ක්රියාත්මක වන මෝටර් රථයකින් ධාවනය කළ වැඩිම දුරක් සඳහා වාහනය වාර්තා තැබීමට ඔවුන් අපේක්ෂා කරයි.
එම සිසුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මෝටර් රථය ලෝකයේ වඩාත්ම කාර්යක්ෂම හයිඩ්රජන් මෝටර් රථය බවයි.