සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලකා නොහොත් ලක්මාල් වීරසිරිගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ පසුගිය දිනක නතාෂා එදිරිසූරිය විසින් සංවිධානය කරන ලද “මෝඩාභිමානය” වැඩසටහනට ලකා සහ සිකා සහභාගී වීමත්, මේ වන විට ඔවුන් ඇතුළු පවුලේ සාමාජිකයින්ට විවිධ පාර්ශවවලින් චෝදනා සහ තර්ජන එල්ලවීමත් සමඟයි.
ලක්මාල්ගේ බිරිඳ එම පැමිණිල්ල කළේ ලකා සහ සික දැනට ප්‍රසංගයක් සඳහා විදේශගතව සිටින බැවිනි.
එමෙන්ම මේ වනවිට විදෙස්ගතව සිටින ලකා සහ සීකා මෙම සිදුවීම පිළිබඳව වීඩියෝ පටයක් ඔස්සේ අදහස් පළ කළා.