2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය යටතේ ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර තරඟය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.
එනම් ලකුණු 326ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට මීට මොහොතකට පෙර පන්දුවාර 31කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.
කාසියේ වාසිය දිනු අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ශ්රී ලංකා පිලේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 48කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 20කට දැවීගිය අතර, කුසල් මෙන්ඩිස්ට ලකුණු නොලබා දැවි ගියේය.
පසුව දිමුත් සමග එක්වූ සදීර සමරවික්රම තෙවැනි කඩුල්ලට ලකුණු 168ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරමිනි. දිමුත් කරුණාරත්න අද සිය මංගල එක්දින ශතකය සමගින් ලකුණු 103ක් රැස් කළා.
සදීර සමරවික්රම ලකුණු 82 යි. දිමුත්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 90කට කඩුලු 6ක් දැවී ගිය අතර ශ්රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 49යි පන්දු 5කදී ලකුණු 325ක් ලෙස සටහන් විය. ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 42ක් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 38යි.