තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වනවා.
ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වෛද්‍යවරයෙකි.
විත්තිකරු යාචකයකු ලෙස පෙනී සිට මුදල් ඉල්ලා තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.