ශ්‍රී ලංකාවට ජපන් වාහන ආනයනය කිරීම ඉතා ඉක්මනින් ආරම්භ කරන බව ජපාන වාහන සමාගම් නියෝජිතයින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා රජය සමඟ පැවති සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය දැනුම් දී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
මෙම හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන්ට යටත්ව පවතිනු ඇති බව එහි සඳහන් විය.
කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
මේ අතර පසුගියදා කොළඹ පැවති උත්සවයකදී කොළඹ ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් අදහස් පළ කළා.