රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත් කර ගෙන මාස 14ක් තුළ දී රටේ ණය බර ඩොලර් මිලියන 8,000කින් ඉහළ නැංවූ බව පසුගිය 07 වෙනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ රාජාසන කතාවෙන් පිළිගෙන තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම කතාව සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනයේ මෙම ණය ඉහළ යාම සම්බන්ධයෙන් දක්වා ඇති ආකාරය මෙසේ ය. “2023 සැප්තැම්බර් වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිර වීම පමණයි.“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දුන් වාර්තාවේ සඳහන් කර තිබූ රටේ සමස්ත ණය බර ඩොලර් බිලියන 83කි. දේශීය ණය ඩොලර් බිලියන 42ක් සහ විදේශීය ණය ඩොලර් බිලියන 41ක් ලෙස එම සමස්ත ණය ප්‍රමාණය නිර්මාණය වී ඇති බව දත්තවලින් දක්වා තිබිණි.
එම වාර්තාවේ සඳහන් සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83 සිට 2023 සැප්තැම්බර් වනවිට ඩොලර් බිලියන 91ක් දක්වා ඩොලර් බිලියන 8කින් (ඩොලර් මිලියන 8,000කින්) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාස 14ක කාලය තුළ ණය බර ඉහළ දමා තිබේ.