ලෝක මව්වරුන්ගේ දිනය සමරන දවසේ ප්රකට කුලී රථ සේවා සපයන ආයතනයක රියදුරු මහතෙකු විසින් සංවේදී සටහනක් තබා තිබෙනවා.
සටහන පහතින්.
“හයර් එකක් එනවා රිජ්වේ ආර්යා ලමා රෝහලට.. ඒක මම ok කරනවා.. කරලා විනාඩියෙන් කෝල් එකක් එනවා හයර් එක දැම්ම මැඩම්ගෙන්.. “ඔයා හයර් එක ගන්න එනවද” කියලා අහලා.
මම “ඔව් මැඩම් මම එනවා. ලෙඩ උන බබෙක්ද ගෙනියන්න තියෙන්නේ” අහනවා.
“ඔව් බබාලා දෙන්නෙක් ඉන්නවා ඇයි මුකුත් අවුලක්ද ” අහනවා.
“මැඩම් මට පොඩි දරුවෙක් ඉන්නවා ඒකයි මම ඇහුවේ ඉක්මනට එන්න” කියලා මම කියනකොට..
එහා පැත්තෙන් මැඩම් කියනවා මගේ දරුවෝ දෙන්නට වෛරස් එක හැදිලා තියෙන්නේ ඔයාට බබෙක් ඉන්නවානම් ඔයා එන්න එපා මම හයර් එක කැන්සල් කරන්නම්. මේ දවස් වල වෛරස් එකක් තියෙනවා දරුවන් පරිස්සම් කරන්න ඒක හැදුනාම හරි අමාරු වෙනවා කියලා” ඒ මැඩම් තෙරුවන් සරණයි කියලා ෆෝන් එක තියලා හයර් එක කෑන්සල් කරා…
මව්වරුන්ගේ දිනයේ මම දැකපු නියම අම්මා කෙනෙක් නිසා මේක ලියන්න හිතුනා..
අම්මා කියන්නේ හැම ළමයෙක්ම තමන්ගේ වගේ හිතන්න පුලුවන් කෙනෙක්..
❤❤❤❤❤”