ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් ක්රීඩකයින් අතර මතීෂ පතිරණ 10 වැනි ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මතීෂ මේ වන විට තරග 11කට ක්රීඩා කර කඩුලු 17ක් දවාගෙන ඇත.
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ මතීෂ අවස්ථා කිහිපයකදීම ක්රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක්වුණා.
තරගාවලියේ චෙන්නායි පිල නියෝජනය කරන මහීෂ් තීක්ෂණ කඩුලු 11ක් දවාගත් වැඩිම කඩුලු ලාභීන් අතර විසිපස්වැනි ස්ථානයේ පසුවෙයි.