හොංකොං මගී ගුවන් යානයක් ගුවන්ගත වීමට පෙර කඩා වැටීමෙන් මගීන් 11 දෙනෙකුට තුවාල
විදෙස් මාධ්‍ය පැවසුවේ යානයේ රෝදයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
පූර්වාරක්ෂාව අනුගමනය කරමින් මගීන් යානයෙන් පිටතට ගැනීමට යාමේදී සිදුවූ අනතුරෙන් මගීන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන්ගෙන් 09 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හොංකොං සිට ලොස් ඇන්ජලීස් දක්වා පියාසර කළ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු සහ මගීන් 293 දෙනෙකු සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.